රුපියල් 103000/- (එක් ලක්ෂ තුන්දාහක) මුදලක් නැවතත් අයිතිකරුට

0
30

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවෙකුගේ අස්තානගතව තිබූ  රුපියල් 103000/- (එක් ලක්ෂ තුන්දාහක)  මුදලක් සහිත පසුම්බිය නල්ලතන්නිය පොලීසියේදී  අද (18) පස්වරුවේ අයිතිකරු වෙත බාර දුන් බව වාර්තා වේ.

බියගම්පොළ, කොටදෙනියාව ප්‍රදේශයේ පදිංචි ආර්.ඩබ්.ටී.පුලතිසි රාජපක්ෂ නැමති  මෙම වන්දනාකරු  නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාද වන්දනාවේ ගොස් නැවත නල්ලතන්නිය බලා පැමිණෙමින් සිටියදී ගඟුලතැන්න සිද්ධාලේප ආයතනයට ගොස් ගිමන් හැර ඇත.

විශ්‍රාම ශාලාවේ දෛනික කටයුතු සොයාබලමින් සිටි සිද්ධාලේප ආයතනයේ, ශ්‍රීපාද කළමණාකරු වන අජිත් දමයන්ත කැකුළාවල මහතාට අද (18) පෙරවරුවේ මෙම මුදල් පසුම්බිය හමුවී ඇති අතර ඔහු විසින් නල්ලතන්නිය පොලීසිය හමුවී සිද්ධිය පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව අයිතිකරු ඉදිරිපත් වී ඇත.

අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් පොලීසිය විසින් මුදල් අයිතිකරු වෙත ලබා දී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here