රාහුලයේ නම වෙනස් කිරීම පිළිබඳ අප්‍රසාදය

0
10

මාදිවෙල රාහුල විද්‍යාලය නම ඉසුර විද්‍යාලය ලෙස වෙනස් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පළ වන අප්‍රසාදය පිළිබදව කරුණු විමර්ශනය කර ජනාධිපතිවරයාට වාර්තා කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ප්‍රකාශ කරයි.

කිසිදු පුද්ගලයෙකුගේ නමින් පාසල් විවෘත කිරීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට තමා විසින් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන් බවද අසාද් සාලි මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් මාධ්‍යයට පවසා තිබේ.

ජනාධිපතිවරයාගේ ද අනුමැතියකින් තොරව මෙලෙස රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම් කර ඇති බව  එතුමන් තවදුරටත් පවසයි.

ශ්‍රී රාහුල හිමි වැනි ශ්‍රේෂ්ඨ හිමි නමකගේ නම ඉවත් කොට ඊට දේශපාලනඥයෙකුගේ නමක් යෙදීම සදාචාර සම්පන්න නොවන බව පෙන්වා දෙන සාලි මහතා පවසන්නේ, යම් දේශපාලනඥයෙකුට තමන්ගේ නමින් ගොඩනැගිල්ලක් විවෘත කර ගැනීමට අවශ්‍ය නම් අදාළ දේශපාලනඥයාගේ පෞද්ගලික මුදලින් එය ඉදිකර විවෘත කර ගත යුතු බව ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here