රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට

0
34

තෙල්දෙණිය  පොලිස්  වසමේ  පවුරුගොල්ල  ප්‍රදේශයේ  දිවා  කාලයේ දී නිවසක් බිඳ  රන් භාණ්ඩ ඇතුළු මුදල්  සොරා  ගත්  සැකකරුවෙක්  තෙල්දෙණිය  පොලිසියේ අපරාධ  අංශ නිලධාරින්  විසින්  ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ සැකකරු තවත් සොරකම් කිහිපයකට සම්බන්ධ අයෙක් බවයි. සැකකරු විසින් සොරකම් කරන ලද රන් භාණ්ඩ සොයාගෙන ඇති අතර සොරා ගන්නා ලද මුදල් මෙතෙක් සොයාගෙන නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලදාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here