සූර්ය දෙවියන් උදෙසා නෙළා ගත් අස්වැන්න යොදා ගනිමින් පූජාවන් පැවැත්වීම සිදු කෙරෙන තෛපොංගල් දිනය සැමරීම උතුරේ හින්දු බැතිමතුන් අද(15) මහත් හරසරින් සමරනු ලැබීය.
ගොවිතැන හා බැඳුනු ජිවිතයක් ගෙවනු ලබන හින්දු ජනතාව තම අස්වනු සරු කර ගැනීම උදෙසා උපකාර කළ සූර්ය දෙවියන් උදෙසා කෘතගුණ දැක්වීම වෙනුවෙන් නෙළා ගත් අස්වැන්න යොදා ගනිමින් නැවුමි මුටිටියක,හකුරු හා නැවුමි එළකිරි යොදා කිරි ඉතිරවීම තෛපොංගල් දිනයේදි සිදු කරනු ලබයි.
සෞභාග්‍ය සංකේතවත් කරමින් තෛපොංගල් දින නෙළාගත් පළමු අස්වැන්න සූර්ය දෙවියන් උදෙසා පූජා කිරීම තෛපොංගල් දීනයේදි සිදු කරනු ලබයි.
තම නිවාසයන් හා ව්‍යාපාරික ස්ථාන ඉඳිරිපස කිරි උතුරවා ආගමික වතාවත්වල නියැළෙමින් හින්දු ජනතාව තෛපොංගල් දිනය සැමරූහ.