Business is booming.

රක්ෂිත ගින්න පොලීසිය පාලනය කරයි – වන සංරක්ෂණ නිළධාරීන් නිදි

හැටන් - රංජිත් රාජපක්ෂ

0 315

හැටන් වන සංරක්ෂණ කාර්යයාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ෆයිනස් වන වගා රක්ෂිතයක (29) දින පස්වරුවේ සිට හට ගත් ගින්න ඊයේ (30) පස්වරුව වන තෙක් පැවැතිනි.

පස්වරුව වන විට දැඩි පරිශ්‍රමයක් දරා හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂණ එ.එල්.එම් ජෙමිල් මහතා ඇතුළු හැටන් පොලිසියේ නිලධාරින් ,මාධ්‍යවේදින් සහ වතු  කම්කරුවන් එක්ව පාලනය කිරිමට සමත් වි ඇත.

එම  වන වගා රක්ෂිතය තුල  (29) දින පස්වරුවේ හට ගත් ගින්නෙන් අකක්ර 75 පමණ රක්ෂිතයේ කොටසක් ගිනිගෙන විනාශ වෙද්දි හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා හැටන් වන සංරක්ෂන කාර්යයාලයේ නිලධාරින්ට ගින්න හට ගත්  රක්ෂිතයේ සිට  දුරකථනයෙන් හැටන් වන සංරක්ෂණ කාර්යයාලයේ නිලධාරින් අමතා  සහයෝගය ඉල්ලා සිටි අවස්තාවේ වන සංරක්ෂණ නිලධාරින් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට නිසි ප්‍රතිචාර නොදක්වා දුරකථනය විසන්ධි කරනු ලැබු බව ප්‍රකාශ කරයි.

එහිදී පැය 6 පමණ දැඩි පරිශ්‍රමයක් දරා හැටන් පොලිසියේ නිලධාරින් ගින්න මැඩ පැවැත් වු අතර  ඒ වන විටත් එම රක්ෂිතයේ තිබු ජල මුලාශ සිදි ගොස් විශාල පරිසර හානියක්ද සිදු වි තිබූ අයුරු දැකගත හැකිවිය.

එම රක්ෂිතයේ හට ගත් ගින්න පාලනය කිරිමට පොලිස් නිලධාරින් වන සංරක්ෂණ නිලධාරින්ගෙන් සහයෝගය ඉල්ලා සිටියිදි සහයෝගය ලබා නොදිම සම්බන්ධයෙන් අප කරුණු විමසිමට හැටන් වන සංරක්ෂණ කාර්යයාලයට ගිය අවස්තාවේ එම වන සංරක්ෂණ කාර්යයාලයේ නිලධාරින් දිවා කාලයේ සිට එම කාර්යයාලය තුල මත්පැන් සාදයක් පවත්වා විනෝද වි සිටි ආකාරයක් මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයේ සටහන් වූ බව ඔවුන් ප්‍රකාශ කරයි.

එම කාර්යයාලයේ සිටි නිලධාරින්ගෙන් අප  කරුණු විමසිමේදි නිලධාරින් දෙදෙනෙකු මාධ්‍යවේදින් මග හැර  යතුරු පැදියෙන් පිටව ගිය අතර එසේ  යතුරුපැදියෙ පසුපස ගමන් ගත් අඩවි වන නිලධාරියෙකු  ආරක්ෂිත හිස් වැසුමද නොමැතිව යතුරුපැදියේ ගමන් කරන අයුරු  කැමරා කාචයේ සටහන් වු බව පවසයි. 

Comments
Loading...