Business is booming.

යාපනය අධි ආරක්ෂිත කලාපය සතුව පැවති ඉඩම් අක්කර 19 නැවත සිවිල් ජනතාවට

වවුනියාව - මාධව කුලසූරිය

0 299

යාපනය අධි ආරක්ෂිත කලාපය සතුව පැවති ඉඩම් අක්කර 19 ක් නැවත සිවිල් ජනතාව වෙත පැවරීමේ වැඩසටහනක් ඊයේ(22) යාපනය මයිලිටි ප්‍රදේශයේදී සිදුකෙරිණ.

යාපනය වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජේ.249 හා ජේ.250 ග්‍රාම නිළධාරි වසම් වෙනුවෙන් අයත්ව තිබු සිවිල් වැසියන්ගේ ඉඩම් අක්කර 19 ක් එලෙස නැවත පවරාදීම සිදුකරනු ලැබීය.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන නිළධාරීන් විසින් අදාළ ඉඩම් යාපනය වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ‍නිළධාරීන් වෙත පවරාදීම සිදුකළහ.

නිදහස් කළ ඉඩම් නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් හා සිවිල් ජනතාව ඊයේ(22) එක්විණ.

යුධ හමුදාවන් සිය ප්‍රයෝජනය පිණිස ඉදිකොට තිබු ගොඩනැගිලි විනාශ නොකර එලෙසම නැවත පැවරීමට කටයුතු කොට තිබිණ.

 

Comments
Loading...