ඊයේ (10) දින නාවික හමුදාවට ලද තොරතුරක් මත වැටලීම් සිදු කිරීමේදී හෝටලයක තිබී මුව මස් කිලෝ ග්රෑම් 05ක් සොය ගනී.
දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ හම්බන්තොට, වනජීවි කාර්යාලයේ නිළධාරීන් පිරිසක් විසින් මෙම සෝදිසි කිරිමේ කටයුතු සිදු කර ඇති බවට වාර්තා වේ.
හම්බන්තොට මිරිජ්ජවිල ප්රදේශයේ පිහිටි මෙම හෝටලයේ දී මෙම මුව මස් තොගය හා හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා හම්බන්තොට, වනජීවි කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර ඇත.