Business is booming.

මැදපෙරදිගට පමණක් වූ විදෙස් ගමන් බලපත් නිකුත් කිරීම අදින් අවසන්

0 160

මැද පෙරදිග රටවල් සඳහා පමණක් වූ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අදින් (31) අවසන් කෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.  

කෙසේ වෙතත් එම කාණ්ඩය යටතේ දැනට නිකුත් කර ඇති බලපත්‍රවල වලංගු කාලය එලෙසින්ම ක්‍රියාත්මක බවයි ආගමන විගමන පාලක නිහාල් රණසිංහ මහතා පවසන්නේ. 

මේ අතර හෙට (ජනවාරි 01) සිට සියලුම රටවල් සඳහා යන ක්‍රමවෙදය යටතේ පමණක් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නියමිතයි. 

සියලු රටවල් සඳහා සහ මැදපෙරදිග සඳහා වූ විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ පහක් පමණ නිකුත් කරන බවයි ආගමන විගමන පාලකවරයා වැඩිදුරටත් කියා සිටියේ. 

 

Comments
Loading...