පසුගිය දින කිහිපය තුළ මාවනැල්ල අවට ප්‍රදේශවල ඉදිකර තිබූ බුදු පිළිම වහන්සේලා කිහිපයකට හානි සිදු කිරීම සිද්ධිය දෙල්ගහගොඩ මස්ජිදුල් අබ්රාර් ජුම්මා පල්ලිය දැඩි ලෙස හෙළා දකිනවා.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එහි ලේකම් එම්.ඉසෙඩ්.එම්. ඉමාම් පවසන්නේ ප්‍රදේශයේ බෞද්ධ සහ මුස්ලිම් ජනතාව අතර දිගු කාලයක සිට පවත්වාගෙන එනු ලබන සාමකාමී හා සහජීවනයට මෙම සිදුවීමෙන් කිසිදු හානියක් නොවීමට වග බලා ගන්නා බවයි.
එසේම මෙම සිදුවීම් පාදක කර ගනිමින් ජාතිවාදී ගැටුමක් මතු නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද ආරක්ෂක අංශවලින් ඉල්ලා තිබෙනවා.
පල්ලිය විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය පහත පරිදි වෙයි.