මාලිගාවත්තෙන් කඩු 58ක් ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනේ

0
30

කොළඹ, මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති මුස්ලිම් පල්ලියට යාබද පොදු ළඳක තිබී කඩු, පිහි, CD තැටි සහ අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක් සොයාගෙන තිබෙනවා. 

ආරක්ෂක අංශ මාලිගාවත්ත ප්‍රදේශයේ අද සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම ආයුධ සහ මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා. 

ළිඳ තුළ තිබී කඩු 58ක්, කිනිසි හතරක්, සීඩි තැටි 26ක්, කුඩා පිස්තෝලයක්, පතුරම් කිහිපයක් සහ විද්‍යුත් පරිපථ කිහිපයක්ද සොයා ගැනුණු බවයි වාර්තා වන්නේ. 

මෙම ආයුධ සහ භාණ්ඩ තොගය කිමිඳුම්කරුවන් ආධාරයෙන් ගොඩගෙන ඇති අතර සිද්ධිය සම්බන්්ධයෙන් කිසිවෙක් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මාලිගාවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු  ලබනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here