ඊයේ (13) උදෑසන 10.30 පමණ වාරියපොල පොලිස් වසමේ වාරියපොල පුත්තලම මාර්ගයේ මාමුණුව ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
වාරියපොල දක්වා ධාවනය වූ බස් රථයක් එක්වරම නතර කරන විට එම දිශාවටම ධාවනය වෙමින් පිටුපසින් පැමිණි යතුරු පැදියක් එම බස්රථයේ වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු වාරියපොල රෝහල වෙත ඇතුලත් කර ඇත.
රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව යතුරුපැදිකර ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු අවුරුදු 19 ක් වන මිලින්ද ධනුෂ්ක බණ්ඩාර ඒ වන විට බෝයගෙනේ යුධ හමුදා කඳවුරේ සේවය කරනු ලබන සෙබලෙකි.
මෘත ශරීරය වාරියපොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
වාරියපොල පොලීසිය වැඩිදුර පරීක්ෂන සිදුකරනු ලබයි.