මාරක රිය අනතුරක්

0
9

ඊයේ(24) රාත්‍රි 06.45ට පමණ රාගල මාර්ගයේ මහව්ව මහ වංගුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.

මෙම බස් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර රියදුරට රථය පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව  ඇති බව පොලීසිය සඳහන් කළේය. 

සිදු වු අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 54ක් තුවාල ලබා තිබේ.

නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක ගොස් යළි  අම්පාර ප්‍රදේශයේ නිවෙස් කරා යමින් සිටියදී අදාළ අනතුර සිදු වී ඇති බවයි වාර්තා වෙයි.

මරණකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා වලපනේ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් වලපනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here