ම්ලෙච්ඡ ප්‍රහාරය ගැන මුස්ලිම් ඇමැතිවරු දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කළ යුතුයි

0
18

පාස්කු ඉරිදා සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් රජයේ සහ හිටපු රජයේ මුස්ලිම් කැබිනට් ඇමැතිවරුන් දෙදෙනෙකුගෙන් වහාම ප්‍රශ්න කළ යුතු බව රාජ්‍ය ආමථය රන්ජන් රාමනායක මහතා පවසනවා. 

ඉකුත් මාස කිහිපය තුළ සිදු වූ සිද්ධීන්ට අනුකූලව මුස්ලිම් තරුණයන් ආයුධ ගෙන නැගී සිටින බවට ඉහතින් සඳහන් කළ ඇමැතිවරුන් පැහැදිළිව ප්‍රකාශ කර තිබූ බවත් එම ප්‍රකාශ දැනට ද අන්තර්ජාලයේ පවතින බවද ඇමතිවරයා සඳහන් කර සිටිනවා. 

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ මුස්ලිම් ඇමැතිවරුන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දිවයින කළ විමසීමකදී හෙතෙම මේ බව කියා සිටියේය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මෙසේද කීවේය. 

මුස්ලිම් තරුණයන්ගේ නිහඬතාවය නිවටකමක් ලෙස සිතන්න එපා කියලා අදාළ කැබිනට් ඇමැතිවරු දෙදෙනාම අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කළා. ඒ ප්‍රකාශයන්ගෙන් ඉඟි පළවුණු බව අපි පිළිගත යුතුව තිබෙනවා. ඒවා බැහැර කර කවුරුන් හෝ නිශ්ශබ්දව සිටියා නම් එය මේ ම්ලේච්ඡ ප්‍රහාරයට හේතු වන්නට ඇති. ඒ නිසා මේ මුස්ලිම් ඇමැතිවරුන්ගෙන් වහාම ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. ඒ අයගේ පක්ෂ, පාට, ඡන්ද හෝ මන්ත්‍රී ධුර පිළිබඳව නොසිතා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කරන්න කැමැතියි. බොම්බ ප්‍රහාර පිළිබඳව රජය දැන සිටි බව කීවත් මොලේ ඇති කිසිම රජයක් මෙවැනි ජන සංහාරයකට ඉඩ නොදෙන බව මට විශ්වාසයි. නමුත් නොසැලකිල්ලක් සිදු වූ බව අප පිළිගත යුතුයි. මට මේ ආරංචිය ආවා නම් මම අනිවාර්යෙන්ම මුහුණු පොතේ සජීවිව දැනුවත් කිරීමක් කරනවා. 
ඉකුත් සිකුරාදා මමත් කොච්චිකඩේ දේවස්ථානයට ගියා. ඒ වෙලාවෙත් මගේ ආරක්ෂිතයන්ට මේ පහරදීම් සිදුවන බවට නිකුත් කර තිබූ ලිපිය ලැබී තිබුණා. එහි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය, දේවස්ථාන හෝටල් ඇතුළු ස්ථාන වෙත සිදු කරනර පහරදීමක් පිළිබඳ සඳහන්ව තිබුණු බවක් කීවත් දින වකවානු සඳහන්ව තිබී නැහැ. නමුත් එය මරාගෙන මැරෙන ප්‍රහාර සහ වෙනත් ප්‍රහාර බව සඳහන්ව තිබුණා. 

උපුටා ගැනීම : දිවයින පුවත්පත

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here