මහ සිකුරාදා

0
159

ජෙසුස් ක්‍රිස්තුන්වහන්සෙ  කුරැසයේ දි දිවි පිදු මහ සිකුරාදු ලෝක වාසි කිතුනු  බැති මතුන්ට ඉතාමත් වැදගත් පුජනීය දිනයක් ලෙස සලකණු ලැබේ.ජෙසුස්  වහන්සේ  ශුද්ධ වු කුරුසයේ තබා ඇණ තබා කල්වාරියේ රැගෙන යන්නේ    අද වන් දිනකය.

අද ලෝක වාසි කිතුණු  බැතිමතුන්  සමරණු ලබන්නේ  උන්වහන්සේගේ එම ශෝකාන්ත වු කාල පරිචේජදයයි . මහ සිකුරාදා ව ඇරඹීමට පෙර ගොබ් ඉරිදා හෙවත් ජෙසුස් වහන්සේ  ජෙරුසුලමට ඇතුලු දිනයෙන් මේම සතිය ආරම්භ වනු ලබයි. උන්වහන්සේ  පෙර දින එනම් මහ බ්‍රහස්පතින්දා  දින රාත්‍රියේ  දි තම ගෝලයින් 12 දෙනා   සමග අවසන් භොජන සංග්‍රහයට සහභාගි  වනු දැකිය හැකිවන අතර එය සීහිවිම සදහා කිතිණු බැතිමතුන්  මහ බ්‍රහස්පතින්දා පුජා කටයුතු වලින් තම ආගමික කටයුතු  ආරම්භ කරනු ලබයි.

අතිතයේ දි මහසිකුරාදා  දිනය ශොකයේ හා දැඩි නිරාහාරශිලි දිනයක් ලෙස සැලකේ. එය පැය හතළිහක පමණ කාලයක් නිරාහාරශිලි  සෙනසුරාදා  දිවිපුජාවේ අවසානය දක්වාම නොකඩවා පවත්වනු ලබන බව දැක්වේ. පසුකාලිනව  මෙම නිරහාර කාල සිමාව දවස් තුනකට ද ඉන්පසු දින හතලිහ දක්වා  පැමිණි  බවත් එය අද චතාරික කාල  ලෙස හදුන්වනු ලැබේ, මෙම කරණු  පිලිබදව  තොරතුරු ශාන්ත අයිරේනියස් පියතුමා ගෙ ලිපි වල සදහන් ව ඇති අතර ඒ සදහා ඉනසනට් පාප් තුමා ද අනුමත කල රෝමානු  වර්තාවල සදහන් වල ඇත. මෙම කටයුතු වලදි ගැබිණි  මව්වරැන්, කුඩා දරැවන් , රෝගි පුද්ගලයන් හා වයසක වැඩිහිටි පුද්ගලයන්  මෙම කටයුතු  යෙදිම අවශ්‍ය නොමැති  බව ද එම වාර්තාව සදහන් ව ඇත.

මහ බ්‍රහස්පතින්දා පුජාවේ සිට අලේලුයියා  සෙනසුරාදා  රාත්‍රි  පුජාවවන තෙක්  කාලසිමාව  පාස්කු තෙදින වන්දනා මෙහෙය ලෙස හැදින්වේ, මහසිකුරාදා  පුජාව කොටස් තුනකින් සමන්විත වන අතර දේව වාක්‍යය මෙහෙය, ශ්‍රි කුරැසයේ වන්දනාව, දිව්‍ය සත්ප්‍රසාද  වහන්සේ බෙදාදිම, සිදුකරනු ලබයි.

මේ (21)  ඉරිදා  ජේසුස් වහන්සේගේ උත්ථානය හෙවත් මළවුන් පරදා නැගිටීම  එනම් පාස්කු ඉරිදා ලෙස කිතු බැතිමත්හු උත්සවශ්‍රීයෙන් සමරනු ලබති.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here