මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස යතුරු පැදියක් ගැටීමෙන් පුද්ගලයකු මියගොස් තිබෙනවා. දඹුල්ල, ගලේවෙල මාර්ගයේ යටිගල්පොත්ත ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
පොලිසිය කියා සිටියේ අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ ගලේවෙල පොලිසියට අනුයුක්තව සේවය කරනු ලැබූ පොලිස් සැරයන්වරයකු බවයි.
මෙම අනතුර ඊයේ(01) රාත්රී සිදුව තිබෙනවා.
සැරයන්වරයා මෙම අනතුරට ලක්ව ඇත්තේ ගලේවෙල සිට දඹුල්ල බලා යතුරු පැදියකින් ගමන් කරමින් සිටිදියි.
අනතුරෙන් තුවාල ලැබූ සැරයන්වරයා දඹුල්ල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල ආරංචි මාර්ග පවසන්නේ.