මහවැලි ගං ඉවුරකින් ආයුධ හමුවෙයි

0
20

 නාවලපිටිය ප්‍රදේශයේ අද (06) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මහවැලි ගඟේ ඉවුරක තිබී සැකකටයුතු උපකරණ රැසක් සොයාගෙන ඇත.

නාවලපිටිය පොලීසිය , යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය කල  විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙසේ ආයුධ හමුවී ඇත . 

නාවලපිටිය පොලීසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත . 

මහවැලි ගඟේ සේලම්බ්රිබජ් ප්‍රදේශයේ ගඟේ ඉවුරේ කුඩා වලක පොලිතීන් උරයක සහ ගෝනියක බහා තිබු කඩු දෙකක්, කෙටේරියක්, පිහි හයක්, පොලිස් බාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here