මහනුවර විශාලතම පේෂකර්ම සංකීර්ණය කැලෑ වදී – බලධාරීන්ගේ අවධානය පිණිසයි

0
28

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් නියංගොඩ ග්‍රාම නිළධාරි වසමේ  පිහිටි මධ්‍යම පළාතේ පැවති අත් යන්ත්‍ර පේෂකර්ම මධ්‍යස්ථානය මේ වන විට වල් බිහිවෙමින් පවතී.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් නියංගොඩ ග්‍රාම නිළධාරි වසමේ  පිහිටි මෙම අත් යන්ත්‍ර පේෂකර්ම මධ්‍යස්ථානය ප්‍රදේශවාසීන් කියන ආකාරයට  වසර 45 කට  50 කට පමණ  පෙර ආරම්භ කරනු ලැබ තිබේ.

එමෙන්ම මේ වන විට රුපියල් කෝටි ගණනක දේපළ ඇතුළු වටිනා සම්පත් සමඟ දිරා පත් වෙමින් පවතින මෙම ගොඩනැගිල්ල එවකට පළාතේ පැවති විශාලතම  අත්යන්ත්‍ර පේෂකර්මාන්ත ශාලා සංකීර්ණය බවද ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශය කරයි.

මෙහි විශාල ගොඩනැගිලි සංකීර්ණය, යන්ත්‍ර සූත්‍ර මෙන්ම විශාල ඉඩමද කැලෑ වැදී  විනාශ  වෙමින් පවතින බවද ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරන අතර අපට දැකගත හැකිවිය.

එපමණක් නොව එහි වසර 30 කට වැඩි කාලයක් සේවය කර ඇති බව පවසන එහි සේවක සේවිකාවන් අවසානයේ තමන් ඇතුළු  අනෙකුත් සේවිකාවන්ට වන්දි මුදලක් හෝ නොලැබුණ බවද ප්‍රකාශ කරයි.

2011 පමණ  වන විට මෙහි සේවිකාවන් 110 පමණ සේවය කළ බවත් ඔවුන් වරින් වර ඉල්ලා අස්වී ගිය බවත් අවසානයේ ඉහල බලධාරීන් එහි රැදී සිට සේවක සේවිකාවන් වෙත ස්වකීය කැමැත්තෙන් ඉල්ලා අස්වීමට පැවසූ බැවින් ඔවුන් නැවත සේවයට වාර්තා නොකිරීමට  කටයුතු කළ බවට ප්‍රකාශ කරන අතර එතැන් පටන් මෙම දේපල විනාශ වන්නට පටන් ගත් බවත්ය ඔවුන් ප්‍රකාශ කරයි. 

දැවන්ත ව්‍යාපෘති ඇති කිරීමට ව්‍යාපෘති වාර්තා ලියන මෙවැන් කාලයක අව්වට වේලෙන වැස්සට තෙමෙන කෝටි ගනන් වටින මෙවැනි පැරණි ව්‍යාපෘති නැවත ඇති කිරීමක් හෝ ඒ පිළිබඳ සොයා බැලීමක් සිදු කරයුතු නොවන්නේද ? යන්න ගැටළුවට කරුණකි. 

තිස් අවුරුදු සේවයට වන්දියක් ඉල්ලා සිටින සේවකයින් රාශීයක් හා කොටි ගණනක යන්ත්‍ර සූත්‍ර රාශියක් බලා සිටිනුයේ බලධාරීන්ගේ දෙඇස් යොමුවන තුරුය. 

යුක්තිය සොයා යන ගමනේ ඔවුන් සමඟ අවසානයක් සොයා යන්නට කන්ද උඩරට තොරතුරු දැනගැනීමේ සලකුණ රටවටා පුවත් අපි සූදානම්… 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here