ඊයේ 06 වන දින මධ්‍යහන 12.30 පමණ බෝගම්බර පැරණි බන්ධනාගාරය ඉදිරිපිටදී සිදු වූ රිය අනතුරින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහු අවුරුදු 29 වන එච්.එම්. මේනක ප්‍රසන්න ප්‍රේමතිලක නම් වන මැණික්හින්න හුරීකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොණරාගල සිට පැමිණි ලංගම බස් රථයකට හා දිගන මහනුවර පෞද්ගලික බස්රථයක් මගින් මෙම අනතුර සිදුවී ඇති අතර රියදුරන් දෙදෙනාම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මහනුවර මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.