උසස් බාලිකා විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ 04 වන සැසිවාරය මාර් තු 05 වන දින පෙරවරු 8.30 ට පැවැත්වීමට නියමිතයි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයනේ සහ සහකාර ඉන්දියානු මහ කොමසාරිස් ධිරේන්ද්‍ර සිං මහතා හා කලාප අධ්‍යාපන අධ්යක්ෂ එම්.ඩබ්. විජේරත්න මහතාගේ සහභාගිත්වයෙන් විදුහල් ප්‍රධාන ශාලාවේදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
විදුහල්පතිනී එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත විදුහල් දේශපාලන විද්‍යා අංශයේ රෝහණ නිශාන්ත සෝමවීර, ඒ.ඩබ්. තෙන්නකෝන් යන මහත්වරුන් සහ චන්ද්‍රිකා නවරත්න, චාන්දනී හේරත්, ශශීළා කෝහිලවදනා මහත්මීන් විසින් මෙම උත්සවය සංවිධානය කරති.