එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා අමාත්‍ය ධුරයක් භාර නොගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. එසේම අවශ්‍ය වුවහොත් තමාද අමාත්‍ය ධුරය අතහැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා. එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (18) පෙරවරුවේ පැවැත්වීමෙන් අනතුරුව මෙම තීරණ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එසේම මනෝ ගනේෂන් මහතා කියා සිටියේ රිෂාඩ් බදියුදීන් මහතාද ස්වකැමැත්තෙන්ම අමාත්‍ය ධුර ලබාගැනීමකින් තොරව ආණ්ඩු පක්ෂයට සහය පළ කිරීමට සූදානමින් සිටින බවයි.
ඒ බව දක්වමින් මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක්ද තබා තිබෙනවා. එම ට්විටර් පණිවුඩය පහතින් දැක්වේ.
Comments