නවගමුව පොලිස් වසමේ කඩුවෙල ගොඩැල්ල වත්ත ප්රදේශයේ 2019.03.11 වන දින උදැසන 6.55 ට පමණ රබර් ඉඩමක් අසල පිරිමි මල සිරුරක් ඇති බවට ලද තොරතුරු අනුව කඩුවෙල පොලිසිය විමර්ෂණ ආරම්භ කර ඇත. මළ සිරුර ආසන්නයේ තිබී ටී 56 අවියට යොදනු ලබන ජීව උණ්ඩ කීපයක් සහ හිස් පතරොම් කොපු කීපයක් හමුවී ඇති අතර මෙය වෙඩි තබා සිදු කල ඝාතනයක් බවට පොලිසිය සැක පහල කරයි . මරණකරු මෙතෙක් හදුනාගෙන නොමැත . නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි .