මධ්‍යම කඳුකරයේ රක්ෂිතවලට ගිනි තැබීම්වලින් විශාල භූමි ප්‍රදේශයකට හානි
ගිනි තැබීම් හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාමේ අවදානමක්
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින්නේ වියළි කාලගුණයකි. ඒ හේතුවෙන් රක්ෂිතවලට ගිනි තැබිම් වැඩි වි ඇති බව වාර්තා වනවා.
ඊයේ දින (06) රාත්‍රියේද උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර ස්ටැඩන් වත්ත ප්‍රදේශයෙන් රක්ෂිතයට ගිනි තැබිමක් සිදු කර තිබු බව ආරංචි මාර්ග පවසයි
එම ගින්න අද (07) අලුයම වන විට නිවි ගොස් තිබු අතර ගින්නෙන් අක්කර 10 පමණ කොටසක් ගිනිගෙන විනාශ වි තිබුණා.
පසුගිය දින කිහිපය තුල කාසල්රි ජලාශ රක්ෂිතය, සිංගිමලේ රක්ෂිතය සහ ආගරපතන කදුවැටියට ගිනි තැබිම නිසා එම රක්ෂිත වල අක්කර 50 කට වැඩි කොටසක් ගිනිගෙන විනාශ වි තිබෙනවා.
මෙම රක්ෂිතවලට ගිනි තැබිම් හේතුවෙන් විශාල පරිසර හානියක් සිදු වි ඇති අතර එම රක්ෂිත හරහා ගලා බසින ජල මුලාශද සිදි යාමේ අවධානමකට ලක් වි ඇත.
රක්ෂිතවලට ගිනි තබන අය පිලිබදව තොරතුරු වෙතොත් ලගම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස හැටන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.