බෝම්බ  පිපිරවීම සඳහා යොදා ගන්නා සේවා නූල් මීටර් 35 ක් වැලිමඩින්

0
9

වැලිමඩ සිල්මියාපුර ප්‍රදේශයේ නිවසක තිබී බෝම්බ  පිපිරවීම සඳහා යොදා ගන්නා සේවා නූල් මීටර් 35 ක් සොයාගත් බව වැලිමඩ පොලිසිය  පවසයි.

නිවසේ හිමිකරු වන 59 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

වැලිමඩ පොලිසිය හා දියතලාව ගුවන් හමුදා සාමාජිකයන් එක්ව කළ සෝදිසියකදී මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇත.

වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

එමෙන්ම වැලිමඩ බොරගස් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් නිවසක් වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැක සහිත ලෙස සඟවා තිබූ රුපියල් එක්කෝටි හතලිස් අට ලක්ෂයක මුදලක් අද (29) සොයා ගත් බව පොලිසිය කියයි.

එම මුදල් ලැබුණු  ආකාරය පිළිබඳව පිළිගත හැකි කරුණු ඉදිරිපත් කිරීමට අසමත් වීම හේතුවෙන් නිවසේ හිමිකරුව අත්අඩංගුවට  ගත් බව පොලිසිය පවසයි.

ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලේ  අබලි ද්‍රව්‍ය දමන කාමරයක තිබී මෙම මුදල් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.මෙම මුදල් ලැබුණු ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලිසිය පැවසීය. 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here