Business is booming.

බුරුත දැව ජාවාරමක් වටලයි.

මාදව කුලසූරිය - යාපනය

0 156

මුලතිව් පුදුකුඩිඉරිප්පු රක්ෂිතයේ බුරුත දැව කපා ප්‍රවාහනය කළ ජාවාරමක් වැටලිමට මුලතිව් අඩවි වන නිලධාරීහු සමත් වෙති.
එහිදී බුරුත දැව තොගයක් සහ ලොරි රථයක් ද අඩවි වන කාර්යාල නිලධාරීන් භාරයට ගෙන ඇත.
දහයියා සහ වී ප්‍රවාහනය කරන මුවාවෙන් ජාවාරම සිදු කර ඇති බවට තොරතුරු හෙළිව තිබේ.
මුලතිව් අඩවි වන නිලධාරීන් සඳහන් කලේ ලද තොරතුරක් මත පුදුකුඩිඉරිප්පු මන්නාකණ්ඩල් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී බුරුත දැව පැටවු ලොරි රථය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.
මෙහෙයුම සිදු කරන අවස්ථාවේ දී ලොරි රථයේ රියදුරු පලා ගොස් ඇත.
ලොරි රථයෛ් තිබී බුරුත දැව කඳන් 13 ක් පමණ සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් දැව තොගය සහ ලොරි රථය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය සහ මුලතිව් අඩවි වන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
 

Comments
Loading...