බාර්දියාවේ උපත ලද ආසියාවේ දැවැන්තයා “රාජා-ගාජ්”

    0
    37

    වසර දහස් ගණනකට එපිට දී පරිණාමය වීම ඇරඹි සුවිශේෂී සත්ව කොටසක් වන ප්‍රොබොසිඩෙයාවුන්, කාලගුණික ,දේශගුණික වෙනස්වීම් හමුවේ විවිධ ස්වරූප උසුලමින්, වෙනස් වෙමින් වර්තමාන ලෝකය දක්වා පැමිණි මග විශ්මිතය. අලි ඇතුන් තරමට, වන්දනයට, සිතුවමට , පර්යේෂණයට ලක්වූ වෙනත් ජීවියෙකු ලොව තවත් නොමැති තරම් ය. ඒ අසීමිත ශරීර ශක්තියත්, දැවැන්ත ශරීරයත් විශ්මිත වූ සොඬයත් නිසා බව අමුතුවෙන් නොකිවමනාය. වර්තමාන ලෝකයේ අලි උපවිශේෂ 5ක් අතරින් ඉන්දු චීන අලියා (Elephas Maximus)ගේ සුවිශේෂී ඥාතීන් වන නේපාලයෙන් හමුවූ අති දැවැනතයෙකු පිළිබඳව කෙරෙන සුවිශේෂී හෙලිදරව්ව….
                                               
    හිමාලය කඳුවැටියේ සුවිශේෂී වනගහණයෙන් පිරි සුන්දර රටක් ලෙස ප්‍රසිද්ධ නේපාලයේ , ගෝති ගංගාව ඇතුලු ජලාධාර රාශියකට උපත දෙන බාර්දියා ජාතික උද්‍යානය 1976 වසරේ දී රාජකීය දඩයම් භූමියක් ලෙස ප්‍රසිද්ධ වූ අතර මුල් පදිංචිකරුවන් 1500ක් එයින් ඉවත් කරමින් 1988 වසරේ දී සංරක්ෂිත බාර්දියා ජාතික වනෝද්‍යානය ලෙස එය නම් කරමින් නේපාල රජය විසින් ආරක්ෂිත වනජීවී කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි. එහි ගොවිබිම් මේ වනවිට ප්‍රාථමික වනාන්තර බවට පත්ව ඇති අතර එය වනජීවීන් සඳහා උසස් තත්වයේ ආහාර නිෂ්පාදනය කරමින් සිටී.
    1987 වසරේ දී බාර්දියා උද්‍යානයේ සුනාලි ගඟ අසබඩ දී අලි ඇතුන්ට සමාන පාද සටහන් හමු වීමත්, රාත්‍රී කාලයේ ගම්වැසියන්ගේ ගොවිබිම් විනාශ කිරීමත් නිසා අද්භූත සතුන් පිළිබඳ කටකතා පැතිරී ගිය අතර 1990 දශකයේ දී ජෛව පුරාවිද්‍යාඥයෙකු , පර්යේෂකයකු වන ජෝන් බ්ලැක්ෆෝර්ඞ් ස්නෙල් විසින් මෙම සතුන් පිළිබඳ පර්යේෂණ ආරම්භ කෙරුණි .එහිදී දැවැන්ත ඇතුන් දෙදෙනෙකු වාර්තා වූ අතර එයින් විශාලතම හස්තියා ” රාජා ගාජ් ” හෙවත් ඇත් රජු ලෙසද ප්‍රමාණයෙන් කුඩා හස්තියා ” කන්චා ” ලෙසත් නම් කෙරුණි . ෑකැචය්ි ප්ංසපමි උපවිශේෂයට අයත් මෙම සතුන් දෙදෙනා පිළිබඳව අවස්ථා ගණනකදී වරින් වර බර්යේෂණ සිදු කල අතරම, දුෂ්කර තෙත් කඳුකර වනගහණයක් වූ මෙම ප්‍රදේශයේ හීලෑ අලින් යොදවා බර්යේෂණ සිදු විය. එහිදී එක් අවස්ථාවක ගැහැණු සතුන් පස් දෙනෙකුද, තවත් අවස්ථාවක අලි ඇතුන් 18 දෙනෙකුද වාර්තා වූ අතර ඔවුන් සියලුදෙනාම ඉතා පෘෂ්ඨිමත් හා ප්‍රචණ්ඩකාරී බව සඳහන් වේ. මීදුමෙන් වැසී ගිය ගුප්ත හිමාල කඳුකරයේ මෙම අලි ඇතුන්ගේ වාර්තා වීම විශ්මයජනක වන අතරම හීමාලය ආශ්‍රිත අලි ඇතුන් සංඛ්‍යාත්මකව ප්‍රශස්ත මට්ටමකින් සිටින බවට සාක්ෂි සපයයි.

    සාමාන්‍ය ඉන්දියානු අලියෙකුගේ බර ටොන් 5 -6 ත් , උස අඩි 10 කට ආසන්න වන අතර උසින් අඩි 10 ඉක්ම වූ අලියෙකු හමුවන්නේ කලාතුරකිනි . එහෙත් නේපාලයේ බාර්දියා ජාතික උද්‍යානයේ වාර්තා වූ මෙම ” රාජා ගාජ් ” හස්තියාගේ බර ටොන් 8 කට ආසන්න වන අතර උස අඩි 11.5 ඉක්මවා තිබේ. එම දත්ත වලට අනුව ආසියාවේ වන ගහණයක් තුල මෙම ශරීර ස්කන්ධය හා උස අතික්‍රමණය කල අලියෙකු වාර්තා අප්‍රකට ය.

    2009 වසරේ දී නේපාලයේ ඇතිවූ ජලගැලීම් හේතුවෙන් මෙම සුවිශේෂී දැවැන්තයා මියයන්නට ඇතැයි විශ්වාස කලද , බාර්දියා ජාතික උද්‍යානයේ වන ආරක්ෂක නිළධාරීන් රාජා ගාජ් හස්තියා දැකඇති බවට වාර්තා කර තිබේ. කෙසේ වුවද 2010 වසරේ දී ජෝන් ස්නෙල් විසින් නැවත රාජා ගාජ් සොයා කල මෙහෙයුම් අසාර්ථක වී තිබේ. මෙම අලි පර්යේෂණ කණ්ඩායමේ සොබාව විද්‍යාඥයකු වන ඇඩි්‍රයන් ලිෆ්ටර් ගේ සඳහන් කලේ ” වර්ධනය වන ඕනෑම දෙයක් පිළිබඳව උපකල්පනය කිරීම අසීරු බවත් සමහර අලි ඇතුන්ගේ තොරතුරු කිසිදා වාර්තා නොවන බවත් ය ”

    ” මිනිස් ඇසින් සැඟවී ගිය, මිනිස් පාදයෙන් අපවිත්‍ර නොවූ හිමාලය කඳුවැටිය වැනි ගුප්ත වනාන්තර පද්ධතීන් තුල රාජා ගාජ් ට වඩා විශාල අලි ඇතුන් වාර්තා වූවද අප විශ්මයට පත් විය යුතු නැත. ස්භාවධර්මයා සුන්දරම දේ සඟවන බැවින් , අප් ඇසු දුටු දේට වඩා විශ්මයජනක දෑ එහි ජීවත් නොවනු ඇතැයි කාට නම් සිතිය හැකිද ? ”
     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here