හලාවත, පුත්තලම ප්රධාන මාර්ගයේ මහවැව ප්රදේශයේ දී අද උදෑසන 4.30 පමණ වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් අනතුරක් පත්ව තිබේ.
එම අනතුරින් පුද්ගලයින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජීවිතක්ෂයට පත් වූ පිරිසට අමතරව තවත් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා ප්රතිකාර සඳහා මාරවිල සහ හලාවත යන රෝහල් වලට ඇතුළත් කර තිබේ.
බස් රථයේ රියදුරුට බස්රථය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවනේ මාර්ගයෙන් ඉවතට පැන ට්රාන්ස්පෝමරයක ගැටීමේන් මෙලෙස අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
(ඡායාරූප – අද දෙරණ )