ඇල්ල, බල්ලකෙටුව ශ්‍රී සුග මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
විද්‍යාලයේ සිසුන් පිරිසක් අද උදෑසන ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරමින් සිටි පාසල් ළමුන් හට ආසන්නයේ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් බඹරුන් පාසල් ළමුන්ට දෂ්ඨ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
බඹරුන් දෂ්ඨ කළ පාසල් සිසුන් 70 දෙනෙකු පමණ දෙමෝදර සහ බදුල්ල රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇල්ල පොලිසිය පවත්වාගෙන යනු ලබනවා.