Business is booming.

පොලොන්නරුව ගොවීන් පාරට

පොලොන්නරුව - රොෂාන් තෙන්නකෝන්

0 192

මෙවර මහා කන්නයේ වී කිලෝවක සහතික මිල රුපියල් 50 කින් වැඩි කරන ලෙස ඉල්ලා පොළොන්නරුවේ ගොවීන් අද 06 දා පෙරවරුවේ  දැවැන්ත විරෝධතාවයක නියැලිනි.

පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පොලොන්නරුව නගරයට පිවිසෙන ප්‍රධාන මංසන්දියේදී මෙම විරෝධතාව පැවැත්වෙනු දක්නට ලැබුණි.

විරෝධතා කරුවන් පොලොන්නරුව ඉස්පිරිතාල හන්දියෙන් මෙම විරෝධතාවය ආරම්භ කොට පා ගමනින් පොලොන්නරුව ලේකිවූ හන්දියට පැමිණීමෙන් අනතුරුව මාර්ගය අවහිර කෙරිණි.

මේ හේතුවෙන් වාහන ගමනා ගමනයටද දැඩි බාධා එල්ල වූ බව වාර්තා වේ.

එමෙන්ම පොළොන්නරුවට නගරයට පැමිණි දෙස් විදෙස් සංචාරකයින්ද මේ හේතුවෙන් අපහසු තාවයට පත් විය.

ගොවීන් 600 දෙනෙකු පමණ මෙම විරෝධතාවයට සහභාගි වී තිබුණි. 

Comments
Loading...