Business is booming.

පොලිස් චරිතවලට පණ පෙවූ ටෙලි නිලිය පොලිසියට කොටු

0 301

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පිරිස අතර අදාළ ගණිකා මධ්‍යස්ථානයේ කළමනාකාරවරියද වන බවයි පොලිසිය පැවසුවේ. 

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පෑලියගොඩ දිසා දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිසි පරීක්ෂක ප්‍රසාද් රතනායක මහතා විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. 

ලද තොරතුරකට අනුව ලබාගත් උසාවි නියෝගයකට අනුව සිදු කරන ලද වැටලීමේදී මෙම කාන්තාවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක පොලිස් චරිතය නිරුපණය කරන ටෙලි නිළියක්ද වන බවයි. 

ඇය විසින් ගනුදෙනුකරුවන් එම ස්ථානය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවත් ඇතැම් අවස්ථාවන්හි අධික මිල ගණන්වලට ඇයද ගණිකා වෘත්තියේ යෙදී ඇති බවට පොලිසිය පවසනවා. 

අත්අඩංගුවට ගත් සැකකාරියන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැඩිදුර විමර්ශන පෑලියගොඩ දිසා දූෂණ මර්ධන ඒකකය මගින් සිදු කරනු ලබනවා. 

 

Comments
Loading...