පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග බස් හා දුම්රිය සේවා යළි ආරම්භ කිරීමට සැළසුම්

0
116

දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමෙන් පසු එම පහසුකම් ලබාගත හැකි වන්නේ රජය මගින් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්ය මණ්ඩලවලට පමණක් බවත් කෙසේ නමුත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන දිස්ත්‍රික්ක තුළ සාමාන්‍ය ජනතාවට ද එමගින් ප්‍රවාහන පහසුකම් සළසා ගත හැකි බව දුම්රිය දෙර්තමේන්තුව පවසයි.ප්‍රවේශපත මිලදී ගැනීමේදී දුම්රිය වේදිකාවේ රැඳී සිටීමේදී මීටරයක දුරස්ථභාවය ආරක්ෂා වන ලෙස ක්‍රියා කළ යුතු බව ත් එක් දුම්රිය මැදිරියක ගමන් කළ හැකි වන්නේ මගීන් 50 දෙනෙකුට පමණි.ඊට අමතරව දුම්රියේ ගමන් කිරීමේදී මුඛ ආවරණ පැළදීම අනිවාර්ය වන අතර දුම්රිය මාර්ගයට කෙළ ගැසීම ද සම්පුර්ණයෙන් තහනම් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටි අතර
කැස්ස, උණ හා සෙම්ප්‍රතිශාව තිබේ නම් දුම්රිය සේවාව භාවිත නොකරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here