පාසැල් සඳහා විශේෂ ආරක්ෂාවක්

0
7

එළඹෙන 6 වැනිදා පාසල් ආරම්භ කරන අවස්ථාවේදී පාසල්වලට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ අද(02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

නැවත පාසල් ආරම්භ කිරීමට නම් සියලු පාසල් දැඩි ආරක්ෂාවක් ලබා දිය යුතු බවට,ආරක්ෂක අංශවලින් අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස ඉල්ලීම් කරනු ලැබූ බවත්, ඒ අනුව එම වගකීම බාර ගෙන ඇති බව ද පැවසු අමාත්‍යවරයා, පාසල් ආරම්භය සමඟ එක් පොලිස් නිලධාරියෙක් හෝ එක් පාසලකට  ලබා දීමට එකඟතාවය පළ කර ඇතැයි ද පැවසීය.

ආරක්ෂාව සම්බන්ධයෙන් ගත හැකි සෑම පියවරක්ම ආණ්ඩුවක් ලෙස ගෙන ඇති බවත්, ඊට අමතරව විදුහල්පතිවරුන්ට ද මේ ගැන දන්වා ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

පාසල් ආරම්භ කිරීම ගැන තනිව තීරණයක් නොගත් බවත් සියලු ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර එම තීරණය ගත් බවත් කියා සිටි අමාත්‍යවරයා කතෝලික පාසල් සම්බන්ධයෙන් තීරණයක් ගන්න ආගමික නායකයින්ට අවස්ථාව ලබා දුන් බව ද පැවසීය.

සිද්ධීන් ඇති වුණ පළාත්වල දරුවන් විශාල වශයෙන් ප්‍රශ්නවලට මුහුණ දුන් බවත් සුරක්ෂා රක්ෂණය යටතේ මුල්‍ය ආධාර ලබා දීමට ලක්ෂ 2 දක්වා විශේෂ වැඩසටහනක් සැලසුම් කර ඇති බවත්, පැවසු අමාත්‍යවරයා ඒ සඳහා ඉතා ඉක්මනින් අයඳුම් කරන ලෙස ද දන්වා සිටියේය.

දෙරණ
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here