ප්‍රමිතියෙන් තොර හෙල්මට් මින් පසුව ගෙන්වන්න දෙන්නේ නැහැ

0
11

අද සිදුවන මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් සිදුවන්නේ මෝටර් සයිකල් වලින් බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටී.

පැදිකරුවන්ගේ නොසැලකිලිමත්භාවය හා ප්‍රමිතියෙන් තොර හෙල්මට් භාවිතය මේ සඳහා බලපාන බව ප්‍රකාශ කරන මෙතුමා ඉදිරියෙදි නව තාක්ෂණික ක්‍රමවේදයන්ට සැකසුනු  හොද තත්වයේ හෙල්මට් එකක් ලංකාවේ වෙළදපොලට හදුන්වා දෙන්න බලාපොරාත්තු වෙන බව ප්‍රකාශ කරයි.

අද (11) ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති  උත්සවයකියන් අනතුරුව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් මෙම ප්‍රකාශ සිදු කළ අතර “වැරදි කරන, ඒ වගේම වැරදි විදිහට ලාබ ලබන්න උත්සහ කරන අයගෙන් මට ඉදිරියේදි ප්‍රශ්න එන්න පුළුවන්.ඒ වුනාට මට ඒක ප්‍රශ්ණයක් නෙවෙයි. මම කරන්නේ හරි දේ  මහජනතාව මගෙත් එක්ක ඉන්නවනම්, මට ඒක ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ” යි එතුමා අවධාරණය කරන්නට විය.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රි, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා, ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිළධාරින් සහ අධ්‍යපන බලධාරින් රැසක් ද සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here