නව ආණ්ඩුකාරවරුන් සිව් දෙනෙකු අද (07) දිනයේදී පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.
ඒ සබරගමුව, දකුණ, ඌව සහ උතුර යන පළාත් සඳහායි.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත පසුගියදා සියලුම ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීමට තීරණය කරන ලද අතර පසුගිය 4 වනදා පළාත් පහක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පස් දෙනෙකු පත් කෙරුණා.
ඒ අනුව ඉතිරි පළාත් හතර සඳහා නව ආණ්ඩුකාරවරුන් අද දිනයෙදී පත් කෙරෙනු ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.