Business is booming.

පදික මාරුවෙන් ගිය කතක් මරුවා සමග යයි

0 280

පේරාදේණිය, ගැටඹේ මාර්ගයේ ගන්නෝරුව සෝයා හන්දිය අසලදී සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. ඊයේ(24) පෙරවරු 11.40ට පමණ අනතුර සිදුව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ පේරාදෙණිය දෙසට ධාවනය වූ ලොරි රථයක් පදික මාරුව මතින් මාර්ගය හරහා ගමන් කරමින සිටි පදික කාන්තාවකගේ ගැටී අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා. 

අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ ඇල්ලපිට ගෙදර සුමනාවතී නමැති පේරාදෙණිය ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. 

කාන්තාවගේ මෘත දේහය පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුර අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පේරාදෙණිය පොලිසිය විසින් සිදු කරනු  ලබනවා. 

Comments
Loading...