Business is booming.

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

0 249

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (08) වෙල්ලමුන්දලම් මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි  ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් සතුව වලංගු ධීවර අවසරපත් නොතිබූ බවද නාවික හමුදාව ප්‍රකාශ කරයි. 

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Comments
Loading...