Business is booming.

නිවසක් කොල්ලකෑ කොල්ලකරුවන් පිරිසක් දැරියකට කළ අපරාධය

මාධව කුලසූරිය - වවුනියාව

0 247

දැරියක් සමූහ  වශයෙන් අපයෝජනයට ලක් කිරීමේ පුවතක් යාපනය ඉලවාලෙයි ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය පැවසුවේ එම ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි පිරිසක් අදාළ දැරියට මෙම අනර්ථය කර ඇති බවයි. 

ඉලවාලෙයි පත්තාවත්ත ප්‍රදේශයේ පිහිටි එම නිවිස කොල්ලකෑ කොල්ලකරුවන් එම නිවසේ සිටි 17 හැවරිදි දැරියක් සමූහ  වශයෙන් අපයෝජනයට ලක් කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් කා්තාවක් ඇතුළුව පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉලවාලෙයි පොලිසිය පවසනවා. 

පොලිසිය පැවසූවේ ‍නිවස කොල්ලකෑම හා දැරිය අපයෝජනය සිදුකිරීමට සෘජුව සම්බන්ධවි ඇති තරුණයින් වන යාපනය තෙල්ලිපලෙයි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු හා යාපනය ඒලාලෙයි ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

‍නිවස කොල්ලකෑම වෙනුවෙන් උපකාර කළ බව කියන තවත් පුද්ගලයෙකු හා නිවස කොල්ලකා ලබාගත් රත්රන් ජාවාරමට සම්බන්ධ තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

පොලිසිය පැවසුවේ සැකකරුවන් පසුගිය 19 වැනිදා සිද්ධිය සිදුකොට ඇති අතර, පොලිසිය වෙත ලද තොරතුරක් මත සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රදවාගෙන ප්‍රශ්න කළ බවයි.

සැකකරුවන් අද(28) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවනු ලබනවා.

Comments
Loading...