Business is booming.

නිදහස් පක්ෂයේ තාවකාලික මහලේකම් දයාසිරි ජයසේකර

0 161

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පත් කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(03) රාත්‍රීයේ ජනපති නිල නිවසේදී පැවැති පක්ෂ මධයම කාරක සභා රැස්වීමේදී මෙම පත් කිරීම සිදු කර තිබෙනවා. 

මේ අතර දයාසිරි ජයසේකර මහතා වැඩබලන මහලේකම්වරයා ලෙස පත් කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිය ධුරයෙන ඉල්ලා අස්වූ බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. 

මේ සම්බන්ධයෙන් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් රටවටා නිව්ස් කළ විමසීම්වලදී කියා සිටියේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ මහලේකම්වරයා ලෙස තාවකාලිකව පත් කළ බවයි. 

වැඩබලන මහලේකම්වරයා ලෙස පත්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ සියලුම ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීරුවන්, සේම ග්‍රාමීය මට්ටමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මෙන්ම විරසකව වෙනත් පක්ෂ වෙත ගොස් සිටින ශ්‍රි ලංකි නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් එක්ව පුළුල් සන්ධානයක් ගොඩ නැගීම අරමුණ බවයි.

Comments
Loading...