පෞද්ගලික ඉඩමක පුරාවස්තු ගැනිමට කැනිම් කරමින් සිටි තිදෙනෙක් ඌරගස්මන්හන්දිය ගල්පරවත්ත ප්රදේශයේදී ඌරගස්මන් හන්දිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පුද්ගලයින් පිරිසක් විසින් කැනීම් කරමින් සිටින බවට පොලිසියට ලැබුණ තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇත.
එම අවස්ථාවේ සැකකරුවන් විසින් කැනීම් කටයුතු සදහා යොදා ගෙන තිබු උපකරන කීපයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් ඌරගහ ප්රදේශයේ පදිංචි අවුරුදු 47 58 සහ 62 වයස්වල පසුවන පුද්ගලයින් බවද වාර්තාවේ.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
ඌරගස්මන්හන්දිය පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.