Business is booming.

නාඋල ඉතිහාසයේ වැඩිම මාවා තොගය අත්අඩංගුවට

ඉන්දික අරුණ කුමාර - නාඋල

0 303

නාඋල ඉතිහාසයේ වැඩිම මාවා තොගය අත්අඩංගුවට ගැනීමට නාඋල පොලිසිය සමත්වු බව ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර මහතා කියයි.

මාතලේ සිට අනුරාධපුරයට ගමන්ගත්  බස් රථයක් නවතා පරික්ෂා කිරීමේ දී බසයේ පිටුපස ඩිකියේ සගවා තිබිය දි මෙම මාවා කිලෝ තුන නාඋල දී ඊයේ (29) නාඋල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

කලක් තිස්සේ මාතලේ විවිධ නගර ඉලක්ක කර ගනිම්න් මාවා ප්‍රවාහනය හා අලවිය සිදුවන බවට පොලිසියට ලැබුනු තොරතුරු මත මෙම මාවා තොගය අත්අඩංගුවට පත් විය.

මාවා සමග අත්අඩංගුවට ගත් සැකරුවන් දෙදෙනෙකු ඊයේ (30) නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිනි.

මීට අමතරව නාඋල ඇතුළු තදාසන්න ප්‍රදේශවල සිදුවන නීති විරෝධි ජාවාරම් මැඩලීම සඳහා මාතලේ සහකාර පොලිස් අධිකාරි (02) අජිත් වංශනාත මහතාගේ උපදෙස් පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව ද නාඋල පොලිස්ථානාධිපතිවරයා කියා සිටියේය.
 

Comments
Loading...