Business is booming.

නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 372ක දැවැන්ත ඉලක්කයක්

0 297

සංචාරක ශ්‍රී ලංකා කණඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 371ක් ලබාගැනීමට සමත් විය. 

තරගයේ කාසියේ විසා දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 371ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට සමත් විය. 

එහිදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දුන් ආරම්භ පිතිකරු මාටින් ගප්ටිල් පන්දු 138කට දැවී ගියා.

ඔහු සිය ලකුණු 138 ලබාගත්තේ පන්දු 139කදී හයේ පහර පහක් සහ හතරේ පහර 11ක් සමගින්. කේන් විලියම්සන් පන්දු 74කදී ලකුණු 76ක් ලබාගත්තේ හතරේ පහර 6ක්ද සමගින්.

හයේ පහර දෙකක් හතරේ පහර හයක් සමගින් පන්දු 37කදී ලකුණු 54ක් ලබාගැනීමට රොස් ටේලර් සමත් විය.

නොදැවි පන්දුවට පහර දුන් ජේම්ස් නීසන් පන්දු 13කදී ලකුණු 47ක් ලබාගත්තේ වේගවත් පිතිහරඹයක නියැලෙමින්.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග පන්දුවාර 10කදී ලකුණු 78කට කඩුලු දෙකක්ද නුවන් ප්‍රදීප් පන්දුවාර 8කදී ලකුණු 72කට කඩුලු දෙකක් සහ තිසර පෙරේරා පන්දුවාර 10කදී ලකුණු 80කට කඩුලු දෙකක්ද දවා ගැනීමට සමත් විය. 

අන් කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු කඩුලු දවා ගැනීමට සමත් නොවිය.

ලකුණු 372ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පිටියට පැමිණ තිබෙනවා. පන්දුවාර තුනක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 26ක් ලබාගෙන සිටිනවා.

පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන නිරෝෂන් දික්වැල්ල පන්දු 9කදී ලකුණු 20ක් ලබාගෙන සිටින්නේ එක් හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමගින්. ධනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 4යි. 

තරගය මේ වන විට නවසීලන්තයේ මවුන්ට් මොන්ගනුයිහිදී පැවැත්වෙනවා. 

 

 

 


 

Comments
Loading...