Business is booming.

නවතා තිබූ ත්‍රීරෝද රථයක් සොරකම් කෙරේ

රංජිත් රාජපක්ෂ - හැටන්

0 333

හැටන් හිජිරාපුර ප්‍රදේශයේ නිවස ඉදිරිපිට නවතා තිබූ ත්‍රීරෝද රථයක් සොරාගත් බවට රථයේ හිමිකරු විසින් හැටන් පොලීසියට පැමිණිලි කරයි.

අද අලුයම 2.50ට පමණ ත්‍රීරොද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙලෙස ත්‍රීරොද රථය සොරා ගන්නා ආකාරය සී.සී.ටී.වී. කැමරා දත්ත පද්ධතියේ සටහන් වී ඇති ආකාරය දැකගත හැකිවිය.

ගාල්කර තිබූ ත්‍රිරොද රථය මද දුරක් තල්ලු කරගෙන ගොස් පසුව ත්‍රිරෝද රථය පන ගන්වාගෙන රැගෙන ගොස් ඇති බව හිමිකරු තවදුරටත් පොලීසියට ප්‍රකාශ කර ඇති අතර සොරකම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පොලීසිය විසින් පවත්වයි.

 


 

Comments
Loading...