Business is booming.

ධුරවලින් ඉවත්වන්නැයි ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට ජනපති දන්වයි

0 154

ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු හට සිය ධුරවලින් දෙසැම්බර් මස 31 වන දිනට ප්‍රථම ඉල්ලා අස්වන වන ලෙසට දැනුම්දී ඇතැයි තොරතුරු වාර්තා වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම දැනුම්දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. 

ආණ්ඩුකාරවරුන්ගේ සංශෝධනයක් සඳහා ජනාධිපතිවරයා විසින් මෙම පියවර ගෙන ඇති බවත් එලෙස ඉල්ලා අස්වන අයවළුන්ට යළි ආණ්ඩුකාර ධුරයන් ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත පවසා තිබෙනවා. 

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පවසන්නේ. 

පෞද්ගලික සංචාරයක් සඳහා විදේශගතව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (30) රාත්‍රීයේ යළි දිවයිනට පැමිණ තිබෙනවා. 

Comments
Loading...