දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාට සහ අංගම්පොර සටන් ශිල්පී නොයෙල් අජන්ත පෙරේරාට නව නිවාස
මධුෂංක අබේගුණවර්ධන
2018 වසරේ ආසියානු දැල් පන්දු ශූරතාවලියේ ශූරතාව හිමිකර ගත් හා ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාට සහ අංගම්පොර සටන් ශිල්පී මහන්ත ආරච්චිගේ නොයෙල් අජන්ත පෙරේරාට නව නිවාස පිරිනැමීම අද සිදු කරනු ලැබීය.
නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව, අඟුලාන, ‘සයුරුපුර’ නිවාස ව්‍යාපෘතියෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත නොමිලේ මෙම නිවාස පිරිනමනු ලැබීය.
සියලු පහසුකම් සහිත මෙම එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් වේ.
2018 වසරේ ආසියානු දැල් පන්දු ශූරතාවලියේ ශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගෙන ඇත.
අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ පදිංචි අංගම්පොර සටන් ශිල්පී මහන්ත ආරච්චිගේ නොයෙල් අජන්ත පෙරේරා මහතා දේශයේ වියැකී යන අංගම්පොර ක්‍රීඩා කලාව ජාත්‍යන්තරයට ඔසවා තැබූ ශ්‍රී ලාංකීය එකම සටන් ක්රීඩකකයෙකි.