දඹුල්ල, නාඋල, අළුත්ගම, ගලේවෙල හා එනමල්පොත ප්‍රදේශ වලින් සැක කටයුතු වාහන රැසක් හා පුද්ගලයින් අත්අඩංගුවට

0
55

දඹුල්ල විශේෂ කාර්යය බලකා සෙබළුන් හා ගලේවෙල පොලිසිය එකාබද්ධව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක දී නාඋල අළුත්ගම හා ගලේවෙල එනමල්පොත ප්‍රදේශ වලින් සැක කටයුතු වාහන රැසක් හා පුද්ගලයින් තිදෙනෙක් ඊයේ (28)අත්අඩංගුවට ගත් බව විශේෂ කාර් යය බලකාය පවසයි.

දඹුල්ල විශේෂ කාර් යය බලකා කදවුරේ අනදෙන නිලධාරි හා ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම්.බී.එම්. ජීවන බණ්ඩාර මහතාට ලද තොරතුරකට අනුව මෙහෙයුම සිදුකෙරිනි.

විශේෂ කාර් යය බලකා සෙබළුන් 30 කට ආසන්න පිරිසක් හා ගලේවෙල පොලිස් නිලධාරින් හා කාන්තා පොලිස් නිලධාරිනියන් මෙම මෙහෙයුම සදහා එක්ව සිටියහ.

එහිදි අළුත්ගම ප්‍රදේශයේ දී අයි එස් ත්‍රස්ථ සංවිධානයේ මරාගෙන මැරෙන පුද්ගලයින්ගේ ඡායාරෑප හා විඩියෝ දර්ශන ජංගම දුරතකන දෙකක සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

එම මෙහෙයුම අතර තුරදි විශේෂ කාර්යය බලකායට ලද තොරතුරකට අනුව යාබද ගම්මානයක් වන එනමල්පොත ප්‍රදේශයේ නිවසක් පරික්ෂාවට කිරිමේ දී බස්නාහිර පළාතේ ලියාපදිංචි අංක සහිත යතුරු පැදි දෙකක් හා බස්නාහිර පළාතේම ලියාපදිංචි වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට විශේෂ කාර්යය බලකාය සමත්විය.

මෙම යතුරුපැදි අත්අඩංගුවට ගත් සැකකරැගේ සහෝදරියකගේ නිවසේ රහසිගතව සගවා තිබිය දි සොයාගන්නා ලදි.

මීට අමතරව වාහන සදහා භාවිතා කරන අංක තහඩු දෙකක් ද සොයාගන්නා ලදි.

මෙම යතුරු පැදි වල අයිතිය සනාත කිරිමේ ලියකියවිලි නොමැතිවීම හා අනන්‍යයතාව තහවුරුකිරිමට නොහැකිවීම යන කාරනා යටතේ අත්අඩංගුවට ගැනීම සිදුවිය.

මෙම යතුරුපැදි පසුදිය දිනවල කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක සිදුව ත්‍රස්ථ ක්‍රියාවලට යොදාගන්නා ලද ඒවා බවට පොලිසිය සැක පලකරයි.

අත්අඩංගුවට පත් යතුරු පැදි හා වැගන් ආර් වෑන් රථය හා සැකකරුවන් තිදෙනා වැඩිදුර පරික්ෂණ සදහා ගලේවෙල පොලිසියට භාරදෙන ලදී.

දඹුල්ල විශේෂ කාර්යය බලකා කදවුරේ ස්ථානාධිපති හා කදවුර භාර අනදෙන නිලධාරි එම්.බී.එම්. ජීවන බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්යය බලකා සෙබළුන් මෙන්ම ගලේවෙල පොලිස් නිලධාරින් රැසක් මෙහෙයුම සදහා සහභාගී වූහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here