ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්රීරෝද රථයක් අද (11) අලුයම 12.30 පමණ අනතුරට පත්ව ඇති බව ගිනිගත්හේන පොලිසීය ප්රකාශ කරයි.
අධික වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම මත බගතුලුව ප්රදේශයේදී මෙම අනතුර සිදු වී ඇති අතර ත්රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලී ඇත.
එහිදී රියදුරා සහ ත්රීරෝද රථයේ ගමන් ගත් මගියෙකු බරපතල තුවාල ලබා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ.