ගෙවී ගිය කාලයේ ඇති වූ සිදුවීම්දාමය මෙරට පාර්ලිමේන්තුවේ ප්රජාතන්ත්රවාදයේ පැවැත්ම පිළිබඳව යම් තිගැස්මක් ජනිත කල නමුත්, අවසානයේ සියල්ල ප්රජාතන්ත්රවාදීව විසදාගැනීමට හැකිවීම රටක් ලෙස ලැබූ විශාල ජයග්රහණයක් බවත්, පාර්ලිමේන්තු ක්රමයේ පරිතන පරමාදර්ශි රටක් ලෙස ශ්රී ලංකාවට ලෝකය තුල හිමි ගෞරවය එලෙසම පවතින බවත්” කථානායක කරු ජයසුරිය මහතා පවසයි.
කරු ජයසුරිය මහතා මෙම අදහස් දැක්වූයේ පසුගිය (28) සඳුදා ආණමඩුව “සුදම්පාය”ශ්රවණාගාරයේදී පැවැති “ජනඅරගලයට යුක්තිය” උපහාර උළෙලහි ප්රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කිරීමෙහිලා අරගලයට සහභාගිත්වය දැක්වූ ජනතා නියමුවන්ට උපහර පිදීම සඳහා පුත්තලම දිස්ත්රික් සහභාගීත්ව සංවර්ධන පදනම විසින් මෙම ඇගැයීම් උළෙල සංවිධානය කර තිබිනි.