Business is booming.

තරු හෝටල් – මස් – අරක්කු නැතිව ගැමි කෑම බීම සමගින් රෝහිත රාජපක්ෂ යුග දිවියට

0 280

හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය ඊයේ වීරකැටිය කාල්ටන් පරිශ්‍රයේදී පැවැත්වුණා.

රෝහිත රාජපක්ෂ මහතාගේ අගත් මනාලිය වන්නේ ටට්යානා ලිවේරා ජයරත්න මෙනෙවියයි. 

විවාහ උත්සවය සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, කලාකරුවන් සහ හිතමිතුරන් විශාල පිරිසක් සහභාගිව සිටියා. 

මෙම විවාහ උත්සවය සඳහා මැදමුලන ගමේ සියලුම දෙනාට සහභාගි වන ලෙසට ආරාධනා කර තිබූ බවටද වාර්තා වනවා. එසේම මෙම විවාහ උත්සවයේදී කිසිදු ආකාරයක මත්පැන් සැපයීමක් සිදු නොකිරීමද විශේෂත්වයක්. රණවරා, බෙලිමල්, දිවුල් යුෂ ආදියෙන් අමුත්තන්ට සංග්‍රහ කරනු දක්නට ලැබුණි. 

ආහාර සඳහා දේශීය ගැමි ආහාර පමණක් සකසා තිබූ අතර ඒවා සකස් කර ඇත්තේ අසල්වැසි පවුල් විසිනි. එසේම කිසිදු මස් මාංශ වර්ගයක් ආහාර සඳහා එක් කර නොතිබීමද විශේෂත්වයක්. 

තරු හෝටල් සම්ප්‍රදායෙන් බැහැරව මෙම විවාහ උත්සවය වැවක් ආසන්නයේ සකස් කළ ස්ථානයක සංවිධානය කර තිබීමෙන් විවාහ උත්සවය තවත් අලංකාරවත් විය. 






















Comments
Loading...