ජාතික සිනමා දිනය අදයි

0
33

චිත්‍රපට ඉතිහාසය 19 වන සියවසේ අග භාගයේ සිට 21 වන සියවසේ ආරම්භය දක්වා විහිද යයි . ක්‍රමයෙන් සන්නිවේදනයේ සහ රසාස්වාදයේ අංගයක් ලෙස මෙන්ම 20 වන සියවසේ ජන සන්නිවේදනයේ වැදගත් අංගයක් ලෙසද වර්ධනය විය . චිත්‍රපට මගින් කලාව, තාක්ෂණය සහ දේශපාලනය යන අංශ වෙත සැලකිය යුතු බලපෑමක් එල්ල කරයි .

ලුවිස් ලි ප්‍රින්ස් විසින් 1888 ඔක්තොබ්බර් 14 වන දින එංගලන්තයේ ,බටහිර යෝක්ෂයේ ,ලීඩ්ස් ,රවුන්ඩ්හේ හිදී චිත්‍රපටයට නගන ලද Roundhay Garden Scene ලෝකයේ මුල්ම චිත්‍රපටය ලෙස පොදුවේ පිළිගැනේ .

ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජාතික සිනමා දිනය ලෙස මෙවර 2019.04.05 සිට සලකනුයේ අප්‍රේල් 05 වන දාය .ඊට හේතුව ලෙස සලකනුයේ එවන් දිනක ශ්‍රී ලංකාවේ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් සහ තිර රචකයෙක් වන ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ උපත සිදු වීමයි .

1919 අප්‍රේල් 05 වන දින දෙහිවලදී ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා උපත ලැබිය . එකොලොස් හැවිරිදි උපන් දිනයේදී ඔහුට තම පියාගෙන් ත්‍යාගයක් ලෙස මිලිමීටර් 8 ක කොදස්කෝ ප්‍රක්ෂේපනයක් ලැබුණි .ඉන් ඔහුට චාලි චැප්ලින්ගේ නිහඩ චිත්‍රපටය නැරබීමට හැකි විය .ලෙස්ලි කිසි දිනෙක පාසල් නාට්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වී නොමැත .ඔහුට ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙකු වීමටද කිසිදු අදහසක් තිබී නොමැත .එමෙන්ම එකල ලංකාවේ ජාතික චිත්‍රපට කර්මාන්තයක් ද තිබී නැත .ඔහු පසුව කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුළු වී ඉගෙන ගත් අතර ඉන් පිටවූ පසුව වයස අවුරුදු 17 දී ඔහුගේ ජිවන වෘත්තිය ලෙස ජනමාධ්‍ය වේදය තොර ගත්තේය . ඔහු ප්‍රථමයෙන්ම වෘත්තිය වශයෙන් ඩේලි නිවුස් පුවත් පතේ අතිරේකයක් සංස්කරණය කල අතර එය සෙසු තරුණ ලේඛකයන්ට  කදිම තෝතැන්නක් විය. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කෙටි කාලයක් සේව්‍ය කළේය .ඔහුගේ චිත්‍රපට නිෂ්පාදනය පිලිබදව දැනුම තව තවත් පුළුල් වුයේ ඔහු නාට්‍ය මණ්ඩලයේ කණ්ඩායමට එකතු වූ පසුය .

‍එතුමන්ගේ  කඩවුණු පොරොන්දුවෙන් ආරම්භ වුණු ලංකාවේ සිනමා වංශ කතාව, ඉන්දියානු වට්ටෝරු සම්ප්‍රදායේ අච්චුවෙන් මුදාහරින්නට කටයුතු කළ, සිංහල සිනමාවේ රිදී රේඛාව වූයේ ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා විය . අවුරුදු 99ක් ආයු වැළඳූ ඔහු තමන්ගේ ජීවිතයෙන් අඩ සියවසක් ම කැප කළේ ලංකාවේ රිදී තිරය වෙනුවෙනුයි.

ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණය, තිර රචනය වගේ ම, නිෂ්පාදනය යන අංග සියල්ලෙන් ම තමන්ගේ හැකියාව පෙන්වූ උත්කෘෂ්ඨ වූ පුද්ගලයෙකි. වාණිජ පරමාර්ථය ම බලා නොගෙන ඔහු කරපු නිර්මාණ, තවත් දශක ගණනාවකට රස විඳින්නට පුළුවන් ඒවායි. 

මෙලෙස ආරම්භ වූ ශ්‍රී ලංකාවේ චිත්‍රපට කලාව අද වන විට නව මන් ඔස්සේ විවිධ පැතිකඩවල් සොයා විහිදී ඇත .එදා සිට අද දක්වාම ශ්‍රී ලංකා චිත්‍රපට කලාව ඉහලින් ඔසවා තැබීමට උර දුන් ප්‍රවීන රංගන ශිල්පින් ශිල්පිනියන් ප්‍රමාණය ඇති විශාලය .ඉතින් අද වන දිනක් අපි අවස්ථාවක් කර ගන්නවා මොවුන් සියලු දෙනාටම අපගේ හදපිරි ප්‍රණාමය පිරිනැමීමට .ඒ වගේම සිනමා කලාව තව තවත් මුහුනුවරයන් හරහා සහෘර්ද ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒමට මෙන්ම ජාත්‍යන්තර තලයේ ඉහල ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වේවා යි රටවටා අපි ද හිත සිතින් ප්‍රර්ථනා කරමු .

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here