Business is booming.

ජංගම දුරකථනය තවත් ජීවිත ‌‌‌දෙකක් දුම්රියට බිලිදෙයි

0 260

අද(02) උදෑසන 9.10ට පමණ නාවලපිටිය පොලිස් වසමේ ජයසුන්දර නාවලපිටිය ප්‍රදේශයේදී තරුණයකු හා තරුණියක් දුම්රියෙහි ගැටී ජීිවිතක්ෂයට පත් වෙයි.

උදෑසන කොළඹ සිට ඇල්ල දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියෙහි මෙලෙස ගැටී ඇත්තේ තරුණයෙක් හා තරුණියන් දෙදෙනෙකි.  

මෙම අනතුරින් දෙදනෛකු මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 15ත් 16ත් වන වයස් කාණ්ඩයන්හි නාවපිටිය ප්‍රදේශයේම පදිංචි ලලංග හර්ෂ කුමාර (16) හා පියුමි භාග්‍යා සෙව්වන්දි (15) යන ශිෂ්‍යයන්ය.

අමතර පංතියක් සඳහා නිවසින් පිටව ගොස් ඇති මොවුන් අමතර පන්තියට නොගොස් දුම්රිය මාර්ගයේ ගමන් කර ඇති අතර එහිදී මෙම අනතුර සිදු වී ඇත.

තරුණයා විිසින්ඇ ල්ල දෙසට ධාවනය වූ දුම්රිය දැකීමෙන් පසු  ජංගම දුරකථනයෙන් කතා කරමින් ඉදිරියෙන් යමින් සිටි තරුණිය බේරා ගැනීමට යාමේදී තරුණයා හා එම තරුණිය මෙලෙස දුම්රියේ ගැටී ඇති අතර අනෙක් තරුණිය මාර්ගයේ ඉවතට තල්ලු කර ඇති හෙයින් ඇයගේ ජීවිතයට අනතුරක් සිදුවි නොමැති බව වාර්තා වේ. 

මෘත ශරීරයන් නාවලපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර නාවලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. 

Comments
Loading...