ගල්ගමුවේ පුද්ගල ඝාතනයක්

0
13

ගල්ගමුව, අන්දරබැද්ද ප්‍රදේශයේදී පිහියකින් පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් පමණ වූ අන්දරබැද්ද, ගල්ගමුව ප්‍රදේශයේ පදිංිව සිටි මසන්නාගේ චන්දරේ නමැත්තෙකි. 

මරණකරු සිය බිරිඳ සහ පුතා සමග තම නිවසේදී බහින්බස්වීමක් සිදුව ඇති බවත් එහිදී මරණකරුගේ බිරිඳ සහ පුතා විසින් කැත්තකින් හා පොල්ලකින් පහරදී ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. 

එම පහරදීම්වලින් තුවාල ලැබූ අදාළ මරණකරු රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. 

සිද්ධියට සැකපිට බිරිඳ සහ පුතා ගල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත දේහය ගල්ගමුව රෝහලේ තැන්පත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here